
L.M.V.තෝමස් පියතුමා
සුන්දර කැලණි ගං මිටියාවත ඔබ්බේහි දළුගම රේමානු කතෝලික පල්ලිය හා කන්‍යාරාමය අතර නගරබද වුව ද, නිදහස් පරිසරයක පිහිටි සාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාල යේ ආදි නිර්මාතෘන්
ක්‍රි.ව 1927 වර්ෂයේ රොමානු කතෝලික කුමර විදුහල යනුවෙන් හැඳින් වූ අතර පසුව එවකට දලුගම දේවස්ථානය භාරව සිටි L.M.V.තෝමස් පියතුමා විසින් 1927 වර්ෂයේ දී පාසල එතෙක් තිබූ ස්ථානය එනම් නුවර - කොළඹ මාර්ගයේ කන්ට්‍රාස් සිනමාහල අසලින් ඉවත්කොට දලුගම දෙව්මැදුරට යාබදව පිහිටුවන ලදී. 1960 වර්ෂයේ පාසල රජයට පවරා ගැනීමත් සමග දලුගම සාන්ත තෙරේසා බාලිකා විද්‍යාලය හා මිශ්‍ර කර දලුගම සාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලය ලෙස නම් කරන ලදී. එවකට K.D.S. නානායක්කාර මහතා විදුහල්පති දූරය දැරූ අතර 1977 වර්ෂයෙ දී, D.J.G. ජයකොඩි මහතාගේ විදුහල්පති ධූරය යටතේ ප්‍රාථමික අංශය ද පාසලට සම්බන්ධ කරන ලදී.







