
දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් මහා විදුහල ක්‍රි.ව. 1927 දී ආරම්භ කරන ලදී. එකල පාසල හැඳින්වූයේ දළුගම රෝමානු කතෝලික කුමාර විද්‍යාලය යනුවෙනි. කෙසේ වෙතත්, පාසල 1906 දී ආරම්භ කරන ලද බවට සාක්ෂි ඇතත් එය නිශ්චිත ව තහවුරු කිරීමට හැකියාවක් නොමැත. එවකට විදුහල පවත්වාගෙන ගොස් ඇත්තේ නුවර කොළඹ මහා මාර්ගයේ කන්ට්‍රාස් සිනමාහල පවතින භූමියේය.පසුව දළුගම දේවස්ථානය භාරව කටයුතු කළ L.M.V තෝමස් පියතුමා විසින් 1927 දී පාසල පෙර තිබූ ස්ථානයෙන් ඉවත් කර දළුගම දේවස්ථානයට යාබදව දළුගම රෝමානු කතෝලික කුමාර විදුහල නමින් පිරිමි පාසලක් ලෙස නැවත විවෘත කරන ලදී.
ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 80 ක් පමණ විය. අනතුරුව 1931 දී තෝමස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් දළුගම ශාන්ත තෙරේසා කන්‍යාරාමය නමින් බාලිකා විද්‍යාලයක් සහ ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලය ද ආරම්භ කරන ලදී. වත්මන් ප්‍රධාන ශාලාව පිහිටි පැරණි ප්‍රධාන ශාලාවේ මෙම පාසල පිහිටා තිබුණි.
1960 වර්ෂයේදී පාසල් රජයට පවරා ගැනීමත් සමග මෙම පාසල් දෙකද රජයට පවරාගත් අතර පාසල් දෙක ඒකාබද්ධ කොට තනි මිශ්‍ර පාසලක් බවට පත්කර දලුගම ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලය නමින් හදුන්වන ලදී. එතැන් පටන් පාසල ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වු අතර ගොඩනැගිලි සංඛ්‍යාව හා සිසුන් සංඛ්‍යාවද වැඩි විය. විදුහලේ ප්‍රාථමික අංශය රජයේන් වැටුප් ලබන කන්‍යා සොයුරියන්ගේ අධිීක්ෂණය යටතේ පවත්වාගේන යනු ලැබු අතර 6න් ඉහළ ශ්‍රේණි අධ්‍යාපන අමාත්‍යංශය මගින් පත් කළ ගුරුමණ්ඩලයක් මගින් පවත්වගෙන යන ලදී. ඉන්පසු 1977 වර්ෂයේදී එක ප්‍රාථමික අංශයද දලුගම රෝමානු කතෝලික පිරිමි විදුහල හා ශාන්ත තෙරේසා තන්‍යාරාමයට සම්බන්ධ කර තනි මිශ්‍ර විදුහලක් ලෙස පවත්වාගෙන යන ලදී. එදා සිට අද දක්වා විවිධ විදුහල්පතිවරුන් යටතේ පාලනය වෙමින් විදුහල දියුණුව කරා පැමිණ ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
|
1927 වර්ෂය |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
|
3 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
|
80 |
|
මුල් ගුරුතුමාගේ නම |
M.D. මෙන්ඩිස් මහතා | |
|
පාසලේ ආදි කතෘගේ නම |
|
L.M.V. තෝමස් පියතුමා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
|
01 |
|
පාසලේ නම |
|
දළුගම රෝමානු කතෝලික කුමාර විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
L.M.V. තෝමස් පියතුමා |
|
පාසල රජයට පවරාගත් දිනය |
|
1960 වර්ෂය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
|
නුවර කොළඹ මහා මාර්ගයේ කන්ට්‍රාස් සිනමාහල පවතින භූමියේය. |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|
1927 |







